අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය විමල් වීරවංශ අග රදගුරු බැහැදකී

    මැයි 19, 2014
    ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (19) බොරැල්ල, මරදාන පාර, අග රදගුරු මැදුරේ දී අග රදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා බැහැ දුටුවේය. 
     
    ජාතික නිදහස් පෙරමුණ විසින් රට හමුවේ තබා ඇති හදිසි ප‍්‍රතිසංස්කරණ යෝජනා 12ක් සහිත යෝජනාවලිය ද මෙහිදී අමාත්‍යවරයා විසින් අග රදගුරුතුමා වෙත පිළිගන්වන ලද අතර ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද හා අනුශාසනාද ලබා ගත්තේය.
     
    මෙම අවස්ථාවට සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර හා බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ. 
     
    DB
     
    MP WW MEET AGARADAGURU 1
     
     
     
    MP WW MEET AGARADAGURU 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya