අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් වෙසක් වැඩසටහන් වෙනුවෙන් නව චක්‍රලේඛයක් Featured

    මැයි 19, 2014
    වෙසක් උත්සවයට සමගාමීව පාසල්වල ලබන වසරේ සිට සම්පූර්ණ දවස පුරා වෙසක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වන නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ පැවති තරග සඳහා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ පාසලේ "විරු දරු" වෙසක් කලාපය හා දන්සැල ද අමාත්‍යතුමා අතින් විවෘත විය.
     

    එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෙසක් වැඩසටහන්වලදී බොදු බැති ගී, වෙසක් සැරසිලි, වෙසක් කලාප යනාදිය ද පාසල් තුළ මෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. 


    මෙවර වෙසක් සතිය දරුවන්ගෙන් ආරම්භ වූ අතර තවත් බුද්ධ වර්ෂ 2600ක් ගෙවී ගියද දරුවන් වෙසක් දිනයට පෙර සිල් සමාදන්වීමේ දිනය වෙනස් නොවන බවත් මේ වසරේ ලක්ෂ 20කට වැඩි බෞද්ධ දරුවන් සිල් සමාදන් වූ බවත් එය රටේ බෞද්ධ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් ජාතිකාභිමානයක් ඇති කරවන්නක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     

    විෂය බාහිර දැනුම දරුවන්ට අතිශයින් වැදගත් වේ. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හේතුවෙන් දරුවන්ගේ එම දැනුම ගිලිහී යන බවත් වැඩිහිටියන් දන්නා අටපට්ටම් කූඩුව සෑදීම වැනි දේ දරුවන් ද ඉගෙන ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya