අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට නව ක‍්‍රමවේදයක් Featured

    මැයි 19, 2014

    2015 දී පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදය සමාලෝචනය සඳහා අමාත්‍ය මණ්ඩලය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර ඇත.


    අදාළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරමින් සිටින අතර එම අනුකමිටුවේ නිර්දේශයන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ගනු ලබන තීරණයන්ට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළව ඉදිරි කටයුතු කිරීමට නියමිතය.


    මේ වන තෙක් 2015 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළව කිසිදු තීරණයක් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ නොමැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya