ඉන්දියානු වාණිජ සංගමය (ICC) හා ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව මෙම ප්රදර්ශනය සංවිධානය කරනු ලබයි.
ගොඩනැගිලි ඉදිකිරීම්, අධිවේගි මාර්ග, ජල නල මාර්ග, පාලම්, වාරිමාර්ග සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු සම්බන්ධව ප්රදර්ශන කුටි 60කට ආසන්න ප්රමාණයකින් මෙම ප්රදර්ශනය සමන්විත වන අතර ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ ඉදිකිරීම් ආයතන විසින් මෙම ප්රදර්ශන කුටි ඉදිරිපත් කරනු ලබයි.
අද සිට 21 වෙනිදා දක්වා මෙම ප්රදර්ශනය BMICH හිදි පැවැත්වේ.
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා, ඉන්දියානු වාණිජ සංගමයේ අධ්යක්ෂ ජනරාල් රජිව් සිංහා, ශ්රී ලංකාවේ වාණිජ සංගමයේ සභාපති සුනිල් විජේසිංහ යන මහත්වරු, දේශීය හා විදේශීය ඉදිකිරීම් කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.
DB