අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව විශ්වවිද්‍යාලයට නව උප කුලපතිවරයෙක් Featured

    මැයි 19, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උප කුලපති ලෙස පත් කර ඇත.


    ඒ අනුව මහාචාර්ය උඩවත්ත මහතා සබරගමුව විශ්වවිද්‍යාලයේ දී අද (19) සිය තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඔහු ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති හා ආචාර්ය උපාධි ලබා ඇත.

    ජපානයේ තෝකියෝ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හා ජපානයේ කෝචි විශ්වවිද්‍යාලයේ පශ්චාත් ආචාර්ය අධ්‍යයන පර්යේෂණ කටයුතු කර ඇති ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාර්යවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

    එප්පාවල ලංකා පොස්පේට් රාජ්‍ය ආයතනයේ සභාපති ලෙසත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ලෙසත් කටයුතු කර ඇති උඩවත්ත මහතා රාජ්‍ය ආයතන කිහිපයක ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

    මහාචාර්ය උඩවත්ත මහතා ගම්පොළ, ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලයේ හා මහනුවර ශාන්ත සිල්වෙස්තර මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya