මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු සැමරුම් උළෙල අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් Featured

    මැයි 19, 2014
    වීරෝදාර රණ විරුවන් සමරන ජාතික රණ විරු උළෙල අද (19) සවස 4.30ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණ විරු ස්මාරකය අභියස දී පැවැත්වේ.
     
    හිරු බැස යන මොහො‍තේ රණ විරුවන් උදෙසා ජනාධිපතිතුමා ස්මාරකය අභියස මල් කළඹක් පුදා උළෙල අරඹන අතර මියගිය විරුවන්ගේ දරුවන් පහනක් දල්වා මෙහිදී සිය මියගිය රණ විරු පියා සිහි කරනු ඇත.
     
    මෙම අවස්ථාවට සමගාමීව සෑම රටවැසියකුම තම නිවෙස්හි පහනක් දල්වා එම අවස්ථාව සමරන ලෙස රණ විරු සේවා අධිකාරිය ඉල්ලීමක් කරයි.
     
    මියගිය විරුවන්ගේ ළඟම ඥාතීන්, ආබාධිත විරුවන් ඇතුළු විශාල පිරිසක් මෙමම අවස්ථාවට එක්වීමට නියමිතව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya