නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණයේදී කායික දුබලතා ඇති අයට වි‍ශේෂ ඉල්ලුම් පතක්

    ජූලි 20, 2015
    එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන් විසින් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
     
    මෙම පහසුකම් සඳහා වූ අයදුම්පත්‍ර, පාර්ලිමේන්තු මැතිවරණ දිනයට දින 7ට පෙර, එනම් අගෝස්තු 09 වන දිනට හෝ ඊට පෙර අදාළ තේරීම්භාර  නිලධාරී වෙත ලැබීමට සැලැස්විය යුතුය.
     
    එසේම ඉදිරිපත් කිරීම නීතිමය අවශ්‍යතාවයක් වන අතර තේරීම්භාර නිලධාරී සෑහීමට පත්වන්නේ නම් එම තැනැත්තාට විශේෂ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා අවසර පත් නිකුත් කළ හැකිය.
     
    1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 83(4) (ඈ) වගන්තිය අනුව  යම්කිසි කායික දුබලතාවයක් නිසා යම් තැනැන්තෙකුට පයින් හෝ ශ්‍රී ලංකා මාධ්‍යම ගමනා ගමන මණ්ඩලය හෝ යම් ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩලයක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවය හෝ යම් මහජන ප්‍රවාහන සේවාවක් විසින් සපයනු ලබන ප්‍රවාහන සේවයක් මඟින් ඡන්ද පොළට යාම ඊම කළ නොහැකි නම් තමාට ඡන්ද පොළට යාම ඊම සඳහා ස්වකීය මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිලධරයා වෙත තමා විසින් ම හෝ එසේ නොමැති නම් තමා වෙනුවෙන් හෝ අපේක්ෂකයකු නොවන වෙනත් අයකු විසින් හෝ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.
     
    මෙහිදී අයදුම්පත ඉදිරිපත් කරන තැනැත්තා තමාට පොදු වාහනයකින් හෝ පයින් ඡන්ද මධ්‍යස්ථානය යාම ඊම කිරීම නොහැකි බව තහවුරු කෙරෙන ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් (බටහිර හෝ දේශීය) ලබාගත් වෛද්‍ය සහතිකයක් මඟින් සිය අයදුම්පත සනාථ කිරීම තේරීම්භාර නිලධාරීයාගේ කටයුතු පහසු වන බව ද මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya