මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුමන සමන් දේව ප්‍රතිමාව මහජන ප්‍රදර්ශනයට Featured

    මැයි 15, 2014
    ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ පිහිටි සමන් දේවාලයේ සිට වැඩම කරවනු ලබන සුමන සමන් දෙවියන්ගේ සඳුන්මුවා දේව ප්‍රතිමාව හෙට (16) පස්වරුවේ දී ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සමන් දේවාලයේදී බැතිමතුන්ගේ වන්දනාව උදෙසා ප්‍රදර්ශනය කෙරේ.
     
    ඒ අනුව දේව ප්‍රතිමාව ඇතුළු පූජා වස්තූන් පස්වරු 6.00 සිට පස්වරු 8.00 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතී. 
     
    මෙම ඓතිහාසික සඳුන්මුවා සමන් දේව ප්‍රතිමාව කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සුදු සඳුන් ලීයෙන් කරවා පූජා කොට ඇත. මෙම සමන් දේව ප්‍රතිමාව දැක වැඳපුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. 
     
    මහජන ප්‍රදර්ශනයෙන් අනතුරුව සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජා භාණ්ඩ ගල්පොත්තාවෙල විහාරයේ ආරක්ෂිත කුටියේ තැම්පත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලක්වාසීන්ට ආශිර්වාද පතා මෙම දේව ප්‍රතිමාව මහජන වන්දනා කටයුතු සඳහා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya