සැප්තැම්බර් 21, 2021
tami eng youtube  twitter facebook

    බස්නාහිර, දකුණු සහ සබරගමුවට පෙරවරුවේ වැසි Featured

    මැයි 15, 2014

    අද (15) බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වලවල විශේෂයෙන් උදය කාලයේ  තැනින් තැන වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ හා රත්නපුරයට වැසිවාර කිහිපයක් ද ගාල්ලට විටින්විට වැසි ද ඇති විය හැක. මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. යාපනය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya