අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලනඥයන්ගේ යුතුකම හා වගකීම රටට, ජනතාවට යහපතක් කිරීමයි

    මැයි 15, 2014

    මීගමුව කලපුව සුරක්‍ෂිත කරමින් එහි කඩොලාන ශාකද ආරක්‍ෂා කරමින් දැනට උද්ගතව ඇති සියලු ගැටළු විසඳීමේ වැඩපිළිවෙළක් යෙදීම අප කාගේත් යුතුකමක් වන බවත් රටට හා ජනතාවට යහපතක් වන දෙයක් කරන එක නිලධාරීන්ගේ මෙන් ම සියලුම දේශපාලනඥයන්ගේ යුතුකම හා වගකීම වන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මීගමුව ඒත්තුකාල සමූපකාර ධීවර සංගම් ශාලාවේ පැවති මීගමුව කලපුව ආරක්‍ෂා කිරීමේ සාකච්ඡාවේදීය.


    මීගමුව කලපුව අනවසරයෙන් ගොඩකිරීම, එයට අපද්‍රව්‍ය දමමින් දුෂණය කිරීම, කඩොලාන ඇතුළු පාරිසරික ශාක කැපීම ආදී හේතු නිසා විනාශයට පත්වෙමින් තිබෙන මීගමුව කලපුව සුරක්‍ෂිත කිරීමට වැඩපිළිවෙළක් යෙදීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණි.


    මීගමුව කලපුව දැනට කාලයක සිට විනාශ වෙමින් පවතී. මෙය ආරක්‍ෂා කර ගැනීම ජනතාවගේ වගකීමක් වනවා සේම නිලධාරීන් හා දේශපාලකයන් වන අප සියලු දෙනාගේත් වගකීමක් හා යුතුකමක් වේ. මේ සඳහා කඩිනමින් ස්ථිරසාර විසඳුමක් ලබාදීමට ක්‍රියා කළ යුතුයි. මෙම සාකච්ඡාවේදී කරුණු 4ක් මතු විය. එනම් මේ කලපුව විනාශ වී යාම වැළක්වීම සඳහා දැනට පවතින නීතිරීතිවල අඩුපාඩු පැවතීම, මේ සඳහා නිසි සැලැස්මක් නොමැතිකම, නිලධාරින්ගේ අඩුපාඩුකම් පැවතීම හා පරිසර ආරක්‍ෂක කඩොලාන ශාක ඇතුළු පරිසර හිතකාමි ශාක වර්ග විනාශ කර තිබීමයි. පළමුවෙන්ම නීතිරීතිවල අඩුපාඩුවක් නිවැරදි කිරීමට පියවර ගත යුතුයි. නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව හදන නීති ක‍්‍රියාත්මක කරන්නේ අධිකරණයයි. නීති දුර්වල නම් නිවැරදි කරන්න පාර්ලිමේන්තුව මඟින් පුළුවන් වුවත් ගැන කිසිදෙයක් නොකර නිහඬව සිටීමෙන් මේ නිලධාරීන් කරන්නේ විශාල විනාශයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මීගමුව කලපුව ආරක්‍ෂා කරගෙන සුරක්‍ෂිත කරන්න තිරසාර සැලැස්මක් සකස් කරන්නත් නීති ක‍්‍රියාත්මක නොකරන නිලධාරීන් ගැන තමාට දන්වන ලෙසත් අමාත්‍යවරයා අදාළ පාර්ශවයන්ට උපදෙස් දුන්නේය. ඉදිරි මාස 3ත් 6ත් අතර කාලයේ තිරසාර වැඩපිළිවෙළක් යොදා මීගමු කලපුව සුරක්‍ෂිත කරන්න පියවර ගත යුතු බව ද ඔහු පැවසීය.


    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලාන්සා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ධීවර අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි යන මහත්වරු ද එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya