අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පත් කරයි Featured

    මැයි 14, 2014

    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ලබන මැයි 17 දින සිට මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පත් කර ඇත.

     

    යුද හමුදාවේ 12 වැනි මාණ්ඩලික ප්‍රධානීවරයා වන්නේ සමරසිංහ මහතා ය. මීට අමතරව ඒ මහතා යුද හමුදා සංඥා බලකාධිපති ලෙසද පත්කර තිබේ.


    මෙම නව පත්වීම් ලැබීමට පෙර සමරසිංහ මහතා යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායක ලෙස හා යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති ලෙස කටයුතු කෙළේය.


    කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මේජර් ජෙනරාල් සමරසිංහ අධ්‍යාපනයට මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද දක්‍ෂතා දැක්‌වූ දීප්තිමත් ශිෂ්‍යයකු විය. ශිෂ්‍යභට, බාල දක්‍ෂ, තූර්යවාදන කණ්‌ඩායම්වල සහ පිහිනුම්, බැඩ්මින්ටන් ඇතුළු විවිධ ක්‍රීඩාවල නිරත වූ හෙතෙම 1980 අප්‍රේල් 28 වැනි දින කෙඩේට්‌ නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳී දෙවැනි ලුතිතන්වරයකු ලෙස අධිකාරිය ලබා සංඥ බලකායට එක්‌විය.


    විවිධ රටවල වැඩමුළු හා පාඨමාලාවලට එක්ව සිය දැනුම දියුණුකරගත් ඔහු අමෙරිකාව, එංගලන්තය, චීනය, ඉන්දියාව, පිලිපීනය, ඊශ්‍රායලය වැනි රටවල් ගණනාවක පාඨමාලා හැදෑරූ අයෙකි. වීර පදක්කම් ගණනාවක් ද හිමිකරගෙන යුද්ධයේ නිපුණයකු ලෙස දක්ෂතා දක්වා ඇත.


    මානුෂීය මෙහෙයුම ආරම්භ වූ අවධියේ සිට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කර ඇති මොහු ලන්ඩන් ශ්‍රී ලංකා ‍මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙසද වසර දෙකක පමණ කාලයක් කටයුතු කළේය.


    යාපනය, වන්නි, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ක්ෂේත්‍ර බලසේනාවේ සේනාධිපතිවරයකු ලෙස ද සමරසිංහ මහතා යුද සමයේ කටයුතු කර තිබේ.

     

    HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya