අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශ කිහිපයක් තරමක් රළු විය හැක

    මැයි 15, 2014

    අද (15)  කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.


    ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ කොළඹ සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya