නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි දිනය අද Featured

    ජූනි 26, 2015
    ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි දිනය අදට ( 26) යෙදී තිබෙන අතර එහි ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    "මතින් නිදහස් - ජීවයෙන් පිරි රටක්" යන්න මෙවර තේමාව වන අතර දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සම්බන්ධ 5000ක පිරිසක් මෙම ප්‍රධාන උත්සවයට සහභාගි වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය තිලංග සමරසිංහ මහතා පැවසීය.
     
    මෙදිනට ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශයන් නිකුත් කෙරෙන බව පෙන්වා දුන් සභාපතිවරයා  මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සුවිශේෂ දායකත්වය දැරූවන්ට සමරු තිළිණ ප්‍රදානයක් සිදු කිරීමට නියමිතය.
     
    මත්ද්‍රව්‍ය වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමුකරමින් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කෙරේ.
     
    මහජන සාමය හා ක්‍රිස්තියානී කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, හා ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව මෙම උත්සය සංවිධානය කරනු ලබයි.
     
    මෙම අවස්ථාවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ සංඝරත්නය, අමාත්‍යවරුන්, තානාපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya