එයාර් චීෆ් මාර්ෂල් කේ.ඒ. ගුණතිලක මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස ඊයේ (16) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. ඒ අනුව මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනා අතරවාරයේ දී නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ප්‍රථම රාජකාරි ලේඛනය සඳහා අත්සන් තැබීය. ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ගුණතිලක මහතාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියහ. DB