එහිදී රෙජිමේන්තු 18ක් කඩිනමින් ඒ සඳහා ක්‍රියාත්මක වී නව නිවාස 35ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබූ අතර, නිවාස ඉදිකිරීමේ දී එක් රෙජිමේන්තුවකින් ප්‍රමුඛත්වය මත පවුල් 02ක් තෝරාගෙන ඇත.
2009 වර්ෂයට පෙර යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකාවේ සැබෑ දේශප්‍රේමී පුත්‍රයන් ලෙස දේශය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කොට දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හා ආබාධිත රණවිරුන් වෙත ඔවුනට අවශ්‍ය නිවාස ලබාදීමේ අරමුණින් මෙම නව වැඩසටහන යුද හමුදාපති විසින් ක්‍රියාවට නංවා ඇත.
මියගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන්ට සහ ආබාධිත රණවිරුවන් සඳහා ප්‍රමුඛත්වය දෙමින් ජූලි මස අවසන් වන විට මෙම ව්‍යාපෘතියේ අදියර II ආරම්භ කිරීමට නියමිතය. මෙම නව නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ඉඩම් හිමිකම හා සම්බන්ධ ලිපි ලේඛන, ගෘහ නිර්මාණ සැලසුම් කිරීම, තක්සේරු, ඇගයීම ආදිය ප්‍රතිලාභීන් විසින් අදාළ රෙජිමේන්තුවලට ලබාදිය යුතුය.
මෙම ව්‍යාපෘතියෙහි සම්බන්ධීකරණ කටයුතු සුභ සාධක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සිදු කරනු ලබයි.
යුද හමුදාපතිවරයා විසින් ආරම්භ කළ මෙම නව යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය, ගජබා රෙජිමේන්තු, විජයබාහු පාබල රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, සන්නද්ධ බුද්ධි බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය යන රෙජිමේන්තුහි මියගිය රණවිරු පවුල්වල සාමාජිකයන් සහ ආබාධිත රණවිරුවන් මෙම ඉදිකරමින් පවතින නිවෙස්වල ප්‍රතිලාභීන් වේ.
DB