අචාර සම්මාන පෙළපාලියෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ජයසූරිය මහතා යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවී මානුෂීය මෙහෙයුම අවසන් කිරීමෙන් පසු යුද හමුදාපති ලෙස රාජකාරි කළ කාල වකවානුව සිහිපත් කරමින් සුහද පිළිසඳරක ද නිරත වීමෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
මෙම අවස්ථාව සඳහා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජනරාල් චන්න ගුණතිලක, යුද සේවා ලේකම් මේජර් ජනරාල් මහේෂ් සේනානායක, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජනරාල් බී. අරුණ පෙරේරා, යුධෝපකරණ මාස්ටර් ජනරාල් මේජර් ජෙනරල් කමල් ගුණරත්න, විධායක ජනරාල් මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජනරාල් රේනුක රොවෙල්, යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එස්.එම්. මුණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.
DB