නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් පුර පසළොස්වක පොහොය අද Featured

    මැයි 14, 2014

    වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට (14) යෙදී ඇත. බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පරිනිර්වාණය සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනයි. 


    සුද්ධෝදන මහරජතුමාට හා මහාමායා දේවියට පුත්ව සිදුහත් කුමරු කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේදී මෙලොව උපත ලැබුවේ වෙසක් පෝ ‍දිනකයි. සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කර ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේත් බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්උයනේ දී පිරිනිවන් පෑවේත් වෙසක් පෝ ‍දිනකයි. මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති. 
     

    වෙසක් පුන් පොහෝ දිනය සියලු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් දිනයක් වේ. මීට අමතරව ශ්‍රී ලංකාවාසී සියලු බෞද්ධයන් හට වෙසක් පොහොය තවත් කිහිප ලෙසකින් වැදගත් වේ. එනම් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් 08 වසරකට පසු කැලණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟ සුමන සමන් දෙවියන්ගේ ආරාධනය පිළිගෙන සමනළ කන්ද මුදුනෙහි සිරිපතුල සටහන් කිරීමත්ය.

     

    තවද විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත් දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුවරජ ලෙසට දෙවන වරට අභිෂේක ලබාදීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භ කිරීමත් යන විශේෂ අවස්ථා මේ උතුම් වෙසක් පොහොය දිනයේදී සිදු විය. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya