අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය වෙසක් උළෙලට පොලොන්නරුව සූදානම් - දිසාපති Featured

    මැයි 13, 2014

    ලබන 15 දින පොලොන්නරුවේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සියලු කටයුතු සූදානම් බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳව අප කළ විමසීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.


    වෙසක් පොහෝ දින එනම් හෙට (14) උපාසික උපාසිකාවන් 5000ක් පමණ ගල්විහාර පුදබිමේ සිල් ගන්නා බවත් සෝමාවතිය හා දිඹුලාගල විහාරයන්හි 2000ක පමණ පිරිසක් සිල් ගැනීමට පැමිණෙතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීය.


    මේ වන විට පොලොන්නරුවේ සියලුම පන්සල් ශුද්ධ පවිත්‍ර කර අවසන් ව තිබේ. හබරණ සිට පොලොන්නරුව දක්වා මාර්ගය දෙපස තොරණ ගසා වෙසක් පහන් කූඩු එල්ලා සැරසිලි කර තිබේ. ස්වාමීන් වහන්සේලා ගෙයින් ගෙට පිණ්ඩපාතයේ වැඩීම වෙසක් සතිය පුරා සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.


    15 වැනි දින අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයේදී තම දරුවන් ශාසනයට පූජා කළ දෙමාපියන් 08 දෙනෙකු සඳහා සම්පූර්ණයෙන් සාදා නිමකරන ලද නිවාසවල යතුරු භාරදීම ද සිදු කෙරේ. 16 දින බුද්ධ ශාසනයට සේවය කළ ස්වාමීන් වහන්සේලා 10 නමක් වෙනුවෙන් පරාක්‍රමබාහු පිළිරුව අභියසදී පැවැත්වෙන උත්සවයේදී සම්මාන පිරිනැමීමට ද කටයුත සූදානම් කර ඇති බවත් 17 දින පොලොන්නරුවේ පැවැත්වෙන පෙරහරින් පසු වෙසක් උත්සවය නිමාවට පත් වන බවත් ඔහු පැවසීය.


    ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කරන ලද විමසීමේදී ඔහු සඳහන් කළේ ලංකාවේ හොඳම ඩිපෝව ඇත්තේ පොලොන්නරුවේ නිසා වෙසක් උත්සවයට සහභාගි වන ජනතාවට අපහසුවකින් තොරව ගමන් පහසුව සඳහා බස්වල හිඟයක් නොමැති බවයි.


    ලංකා බැංකුව හා මහජන බැංකුවේ අනුග්‍රහයෙන් සිල් ගන්නා පිරිසට දානමාන සැපයීම කරනු ඇත. අද දිනයේත් පොලොන්නරුවේ දන්සැල් විවෘතව පැවති බව පැවසූ ඔහු භක්ති ගීත තරගවලින් ජය ගන්නා ජයග්‍රාහකයන්ට සහතිකපත් ප්‍රදානය 15 වැනි දින සිදු කරන බවත් වැඩිදුරටත් පැවසීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya