මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තාන් යුධ නෞකාවක් ශ්‍රී ලංකාවට

    මැයි 13, 2014
    තුන් දින සංචාරයක් සඳහා පකිස්තානයේ PNS සම්ෂීර් යුද්ධ නෞකාව කොළඹ වරාය වෙත අද (13) පැමිණෙනු ඇති බව පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
     
    ඒ අනුව මෙම නෞකාව ලබන 15 දක්වා කොළඹ රඳවා තැබෙනු ඇත.
     
    දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරවල අරමුණ වේ. 
     
    නෞකාවේ අණදෙන නිලධාරියා වශයෙන් කපිතාන් රෂීඩ් සෆාර් මහතා කටයුතු කරනු ඇත. මෙම කාල සීමාව තුළදී කපිතාන්වරයා නාවික හමුදාපති, මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් හා බටහිර නාවික කලාපයේ අණදෙන නිලධාරීවරයා හමුවීමටද නියමිතය. මෙම කාල සීමාව තුළදී නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ විවිධ වෘත්තීය ක්‍රියාකාරකම්වලට සහභාගිවනු ඇත. 
     
    මෙම සංචාරය පාකිස්ථාන ආරක්ෂක උපදේශක කර්නල් ෂහෙර්යාර් පර්වේෂ් බට් විසින් සම්බන්ධීකරණය කරනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya