අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියම් නිකායේ උපසම්පදා විනය කර්ම අද සිට

    මැයි 14, 2014
    සියම් මහා නිකායේ අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි උපසම්පදා විනය කර්ම කටයුතු වෙසක් පුර පසලොස්වක පොහොය දිනට සමඟාමීව අද (14)දා සිට ආරම්භ කෙරේ.
     
    වෙසක් පොහොය දිනෙන් ආරම්භ වන මෙම උපසම්පදා විනය කර්ම එළැඹෙන පොසොන් පොහොය යෙදෙන ජූනි 12වැනිදා දක්වා පැවැත්වෙන අතර එදිනෙන් නිමා වේ.
     
    ඒ අනූව දිවයිනම නියෝජනය වන පරිදි අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි ලියාපදිංචි සෑම විහාරස්ථානයකම උපසම්පදා අපේක්ෂිත සාමනේර භික්ෂූන් වහන්සේලා විසින් එවා ඇති අයදුම්පත් පරීක්ෂා කොට උපසම්පදා විනය කර්ම කටයුතු සිදු කෙරේ.
     
    උපසම්පදා විනය කර්ම කටයුතු මහනුවර අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි රාජ පූජිත සීමා මාලක දෙකේදී සිදු කෙරේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya