අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩුවෙල අඩු ආදායම්ලාභී කාන්තාවන්ට ජුකී මැෂින්

    මැයි 13, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුම  වැඩසටහන යටතේ  ක්‍රියාත්මක දිළිඳු පවුල් නඟාසිටුවීමේ ව්‍යාපෘතිය යටතේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් 32 දෙදෙනෙකු සඳහා ජුකී මැෂින් ප්‍රදානය කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) මාළඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 57ක් ආවරණය වන පරිදි  අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 7ක වියදමින් මෙම ජුකී මැෂින් ප්‍රදානය කෙරේ.
     
    මෙම අවස්ථාවට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, ජගත් කුමාර, ප්‍රදීප් උදුගොඩ, කඩුවෙල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya