අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් මුද්දර හතර සහ සිහිවටන පත්‍රිකාව අගමැතිට Featured

    මැයි 13, 2014
    2014 වෙසක් උත්සවය සැමරීම නිමිත්තෙන් මහා බෝසත් චරිතයේ ප්‍රධාන අවස්ථා පිළිඹිබු වන ආකාරයෙන් නිර්මාණය කළ නව තැපැල් මුද්දර හතර සහ සිහිවටන පත්‍රිකාව ඊයේ (12) තැපැල්පති ඩී.එල්.පී. රෝහණ අබේරත්න මහතා විසින් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා වෙත පිරිනැමීය.
     
    මුද්දර හතර සහ සිහවටන පත්‍රිකාව රුපියල් 5.00, 10.00, 15.00 සහ 20.00 යන වටිනාකම්වලින් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කොට ඇත. මෙම මුද්දර පෙළේ සැලසුම්කරු වන්නේ කුමුදු තාරක මහතාය.
     
    කොළඹ 07 පිහිටි අගමැති කාර්යාලයේ දී මෙම මුද්දර නිකුත් කිරීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න, අගමැති ලේකම් එස්. අමරසේකර, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් එම්. කේ. බී. දිසනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya