කුඩා දූ දරුවන් වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාවක් ද හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ලිහිණියාවේ ධම්මරතන හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලැබූහ.
නැණ ගුණ පිරි දැහැමි දරු පරපුරක් රටට දායාද කිරීමට නම් කුඩා අවදියේ සිටම දූ දරුවන් ආගම දහමට යොමු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති ආර්යාව මෙහිදී පෙන්වා දුන්නාය.
මේ අවස්ථාවට මරදාන කාල්ටන් පෙරපාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියවරු එක්ව සිටියහ.
NDh/pmu