මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    මැයි 13, 2014

    දිවයිනට ගිනිකොන දෙසින් පවතින වායුගෝලීය කැළඹිලි ස්‌වභාවයක් නිසා අද (13)  ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවලද උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව
    අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවේ.  


    සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ.


    ගාල්ල සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya