අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට ගිනිකොන දෙසින් වායුගෝලයේ කැළඹිලි ස්‌වභාවයක් Featured

    මැයි 13, 2014

    දිවයිනට ගිනිකොන දෙසින් පවතින වායුගෝලීය කැළඹිලි ස්‌වභාවයක් නිසා දකුණු පළාතේ සහ දකුණු සහ ගිනිකොන වෙරළබඩ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (13) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව රත්නපුරට ගිගුරුම් සහිත වැසි ඇති වේ. කොළඹට සහ ගාල්ලට වැසි ස්වල්පයක් ඇති විය හැක. මහනුවර, නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. යාපනය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya