අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා වැඩ කරන්න බෑ

    මැයි 12, 2014
    කිසිම පුද්ගලයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර වැඩ කළ නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදි පිළිවෙතක ගමන් කරන, කටයුතු කරන පක්ෂයක් බවත් අන්තගාමී පක්ෂයක් නොවන බවත් උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කුරුණෑගල සිය කාර්යාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් හමුවූ විශේෂ හමුවක දී ය.
     
    "මේ වසරේ අවසානයේ දී බොහෝදුරට ජනාධිපතිවරණයක් එන්නට ඉඩ තිබෙනවා. ප්‍රාදේශීය සභා මතිවරණයකුත් එනවා. පාර්ලිමේන්තු මැතිවරණයකට කාලය තිබෙනවා ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයකට කලබලයක් නෑ".
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්තගාමීන් නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා පක්ෂය ආරම්භ කළ දින සිටම එසේ බවත් පැවසීය.
     
    "අපි කවදාවත් මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණේ නෑ. අපිට ජාතිවාදීන් කිව්වේ නෑ. කුලවාදීන් කිව්වේ නෑ. ආගම්වාදීන් කිව්වේ නෑ. සන්ධාන ආණ්ඩුවට විවිධ කට්ටිය එකතු වෙනවා. මේ අයට විවිධ න්‍යාය පත්‍ර තිබෙනවා. මේ කට්ටිය දැන් කෑ ගහන්නේ, ඡන්දය ඉලක්ක කරගෙනයි. ඡන්දයට පදනම හදා ගන්න විවිධ කතා කියනවා".
     
    අපේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට යන බවත් රජය කටයුතු කරන්නේ පැහැදිළි න්‍යාය පත්‍රයකට බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා රජය මෙම ක්‍රියාවන්ට කලබල නොවන බවත් පැවසීය.
     
    මේ අවස්ථාවට වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ පියුමාල් හේරත් මහතා ඇතුළු ප්‍රාදේශීය පක්ෂ නියෝජිතවරු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya