එහි ආරම්භක අවස්ථාව වශයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කොට ඇති සර්වඥ ධාතූන් වහන්සේලා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් විසින් භාර ගැනීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ සිට රිය පෙරහැරකින් සියඹලාපේ මංසන්ධිය දක්වා වැඩම කරවන ලදී.
එතැන් සිට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන් විසින් සියඹලාපේ ශ්‍රී පුඤ්ඤාරාම විහාරස්ථානය වෙත සර්වඥ ධාතූන් වහන්සේලා එහි එක් රැස්ව සිටි මහා සංඝරත්නයෙහි සහ විශාල සැදැහැවතුන් පිරිසකගේ සාධු නාද මධ්‍යයෙහි වැඩම කරවා තැන්පත් කරන ලදී.
අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේලා වෙනුවෙන් වත්පිළිවෙත් හා ආගමික වතාවත් සිදු කළ අතර පසුව එම සර්වඥ ධාතූන් වහන්සේලා මහජන ප්‍රදර්ශනය සඳහා නිරාවරණය කරන ලදී.
DB