මෙය ජාතික කොඩියේ ගෞරවය සුරකිනු පිණිස ගත් ක්‍රියා මාර්ග වැරදි ලෙස අර්ථකථනය කිරීමක් බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
අගෞරව සිදු වන ආකාරයෙන් ජාතික කොඩිය භාවිත වන බවටත්, ජාතික කොඩිය විකෘතියක් ලෙස නිෂ්පාදනය කර භාවිත කරන බවටත් පැමිණිලි ලැබී තිබේ. ඒ අනුව ජාතික කොඩිය අවභාවිතය වැළැක්වීම සඳහා එය භාවිතයේ දී අනුගමනය කළ යුතු රීති මාලාව නීති මාලාවක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය දා අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයින් වෙත එය යොමු කර ඇත.
දෙවැනි යෝජනාව වූයේ සැරසිල්ලක් ලෙස ජාතික කොඩිය යොදා නොගත යුතුය යන්නයි. වර්තමානයේ බොහෝ උත්සවවලදී ජාතික කොඩිය සැරසිල්ලක් ලෙස යොදා ගැනීමෙන් ඊට අගෞරව සිදු වන අතර, එය ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමේ දී අනුගමනය කිරීම සඳහා 1986 වසරේ දී සකස් කල රීති මාලාව උල්ලංඝණය කිරීමක් ද වේ.
ජාතික කොඩිය අන් සියලු කොඩිවලට ඉහලින් එසවිය යුතුය වැනි රීති ජාතික කොඩිය සැරසිල්ලක් ලෙස යොදාගැනීමේ දී බහුලව උල්ලංඝණය වන බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව සැරසිලි සඳහා භාවිත කිරීම සඳහා පමණක් වෙනත් කොඩියක් නිර්මාණය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණ ද අමාත්‍ය මණ්ඩලය ඊට විකල්පයක් යෝජනා කළේය. එනම් සැරසිලි සඳහා කොඩියක් යොදා ගන්නේ නම් ඒ සඳහා ජාතික කොඩිය හැර, අදාළ උත්සව අවස්ථාවට ගැළපෙන වෙනත් කොඩියක් යොදා ගත යුතුය යන්නය. නිදසුනක් ලෙස පාසල් ක්‍රීඩා උත්සවයකදී ක්‍රීඩා ධජවලින් සැරසිලි සිදු කළ හැකිය.
එබැවින් විමල් වීරවංශ මහතා කරන ප්‍රකාශය කරුණු හරිහැටි වටහා ගැනීමකින් තොරව සිදු කළ එකක් බවට වැඩිදුරටත් අවධාරණය කර සිටි.
kpm