ශ්‍රී ලංකාවේ රුවන්ඩා මහකොමසාරිස් අර්නස්ට් රැවිම්කො මහතා ඊයේ (28) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය. මෙහිදී රුවන්ඩා මහකොමසාරිස්වරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර සුහද සාකච්ඡාවක් පැවති අතර එහිදී දෙරටට ද්විපාර්ශවිකව වැදගත් වන කරුණු සම්බන්ධව සාකච්ඡා කෙරුණි. හමුව අවසානයේ අවස්ථාව සිහිගැන්වීම පිණිස සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය. NDH/mod