ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වශයෙන් කරු ජයසූරිය මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුව ඉදිරියේ දී රජයේ කුඩා ප්‍රමාණයේ ඉදිකිරීම් කටයුතු, නගර අලංකරණය, රාජ්‍ය ආයතන සඳහා ආරක්ෂක සේවය සැපයීම වැනි වැඩකටයුතු රාශියක් සිදු කිරීමට කටයුතු කරන බවත් ඒ හරහා ඉදිරියේ දී තම දෙපාර්තමේන්තුවේ වියදම තම දෙපාර්තමේන්තුව විසින් ම සොයාගැනීමට කටයුතු කරන බවත් කීය.
මහවැලි අධිකාරිය මගින් හා පශු සම්පත් මණ්ඩලය විසින් අත්හැර දමා ඇති ගොවිපලවල් තම දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා ඇති බවත් ඒ හරහා ද ඉදිරියේ දී ඉතා ඵලදායි සේවාවක් තම දෙපාර්තමේන්තුව වෙතින් ඉටුකිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
DB