නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදියාත් අධිකරණය මෙන් ස්වාධීන වන්න- අධිකරණ ඇමැති

    මැයි 24, 2015
    මාධ්‍යවේදියාත් අධිකරණය මෙන් ස්වාධීනව කටයුතු කිරීමෙන් මාධ්‍ය තුළින් රටට සිදු වන සේවය උපරීම ලෙස ලැබෙන බවත් එහිදී ඔබ පරම්පරා ගණනකට සාමකාමී සංහිඳියාවක් ඇති කිරීමට පුරෝගාමියෙක් වන බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
     
    අධිකරණ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
     
    අධිකරණයට අපහස කිරීමේ නීතිය අනෙකු සෑම නීතියකට ම වඩා තදින් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් ඒ මහතා අධිකරණයේ සිමා හඳුනා ගනිමින් තම මතය ප්‍රකාශ කළ හැකි බවත් මාධ්‍ය ප්‍රකාශය තුළින් අධිකරණය හෑල්ලුවට ලක් කිරීමේ වගකීම මාධ්‍යකරුවා භාර ගත යුතු බව ද පෙන්වා දුන්නේය.
     
    දේශපාලකයින් කරළියට ගෙන ඒමට මෙන් ම ගෙදර යැවීමට සහ මහජන මතයක් ගොඩනැගීමේ බලය මාධ්‍යවේදියට තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
     
    මෙම වැඩමුළුවේදී ජනමාධ්‍ය මූලධර්ම, ජන මාධ්‍ය ආචාර ධර්ම, නීති අණපනත් හා අධිකරණ වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් අනුගමනය කළ යුතු මූල ධර්ම හා න්‍යායන් පිළිබඳව පුළුල් දැනුමක් ලබාදුන් දේශන කිහිපයක් ඇතුළත් විණි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya