නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාව අභියෝග ජය ගැනීමේ කැපී පෙනෙන ප‍්‍රගතියක්

    මැයි 22, 2015
    ශී‍්‍ර ලංකාව ඉතා කැපී පෙනෙන ආකාරයෙන් අභියෝවලට මුහුණදීමේ හැකියාවේ ප‍්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් එම අභියෝග ජයගැනීමට ශී‍්‍ර ලංකාව සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද එක්ව කටයුතු කිරීමට හැකියාව ලැබීම පිළිබඳ සතුටුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝජිත සුබිනෙයි නැන්ඩි මහතා පවසයි.
     
    ඉන්ටර් ප්‍රෙස් සර්විස් ප‍්‍රවෘත්ති ආයතනය නැන්ඩි මහතාව උපුටා දක්වමින් වාර්තා කරනුයේ පසුගිය වර්ෂ කිහිපයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ විවිධ ආයතන ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් බිම් මට්ටමෙන් වැඩසටහන් දියත් කළ බවයි. ස්වභාවික විපත් මෙන් ම මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් උද්ගත වු ගැටලු විසඳීමට උපකාර වීමට එම ආයතනය කටයුතු කළේය.
     
    අපි සෑම මට්ටමකින් ම අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම සඳහා සහ දිගුකාලීන සාමය හා සංහඳියාව එම කොට්ඨාස තුළ ඇති කිරීමට අපේ පූර්ණ දායකත්වය ශී‍්‍ර ලංකා රජයට සැපයුවා. කෙසේ නමුත් අපි විශේෂ අවධානය යොමු කළ යුද්ධය නිසා පීඩාවට හා අවතැන් වු අයගේ ජීවිකාව නඟාසිටුවීමට හා ඔවුන් ව යළි නඟා සිටුවීමට” යනුවෙන් සුබිනෙයි නැන්ඩි මහතා කියා සිටියි.
     
    ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ශී‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක් ව වසර 60ක් සපිරීම නිමිත්තෙන්ය.
     
    ශී‍්‍ර ලංකාවේ අද පෙනෙන උසස් මානව සංවර්ධනය අත්පත් කර දීමට එක්සත් ජාතීන්ට අනුබද්ධ විවිධ සංවිධාන විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ සහයෝගයක් දැක්වීය.
     
    දූගී බව තුරන් කිරීම, මාතෘ සෞඛ්‍ය ඉහළ නැංවීම, ළමා මරණ අඩු කිරීම, විශ්ව ප‍්‍රාථමික අධ්‍යාපන සාක්ෂාත් කර ගැනීම, ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාවය සවිබල ගැන්වීම,  HIV/AIDS, මැලේරියා සහ අනෙකුත් රෝගවලට එරෙහිව සටන් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව මේ වන විට ඉහළ තත්ත්වයක පසුවන බවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝත නැන්ඩි මහතා හඳුන්වා දී ඇත.
     
    PRIU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya