රාගම උතුරු ශික්ෂණ රෝහලේ තැල්සීමියා පියස මඟින් මෙය සංවිධානය කර තිබුණි. තැල්සීමියා රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා නිර්මාණය කෙරුණු වෙබ් අඩවියක්ද මෙහිදී ජනාධිපති ආර්යාව අතින් විවෘත කෙරිණි.
තැල්සීමියා රෝගයට ගොදුරු වී සිටින දරුවන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රාංග රැසකින් උත්සවය වර්ණවත් වූහ. මෙරට තැල්සීමියා රෝගයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් ජනාධිපති ආර්යාව ඉටුකරන කාර්යභාරය වෙනුවෙන් එතුමියට සමරු තිළිණයක් ද මෙහිදී පිළිගැන්වීය.
වෛද්‍ය ඉෂාරි ද සිල්වා මහත්මිය විසින් තැල්සීමියා රෝගය පිළිබඳ ව ලියූ ග්‍රන්ථයක් ද රාජපක්ෂ මැතිණිය වෙත පිළිගන්වන ලදී.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රාගම රෝහලේ අධ්‍යක්ෂ රෝයි පෙරේරා, හේමාල්ස් තැල්සීමියා සහන පියසේ මහාචාර්ය අනජ ප්‍රේමවර්ධන යන මහත්ම මහත්මීහු මීට එක්ව සිටියහ.
NDH/pmu