මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර, මහනුවර සහ නුවරඑළියට වැසි Featured

    මැයි 12, 2014

    අද (12) බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ සහ ගාල්ලට වැසි ස්වල්පයක් ඇතිවිය හැක. රත්නපුර, මහනුවර සහ නුවරඑළියට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ත්‍රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. යාපනය, අනුරාධපුරය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.  


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya