අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන නියෝජ්‍ය ඇමති; අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හමුවෙයි Featured

    මැයි 11, 2014

    ජපානයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සෙයිජි කිහාරා මහතා පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවී දෙරට අතර ආයෝජන සහ වෙළඳ කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය.


    ජපාන නියෝජ්‍ය අමාත්‍යවරයා මැයි 09 වන දින ශ‍්‍රී ලංකාවට පැමිණි අතර සංචාරය අතරතුර දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද හමුවිය. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුරදී ජපන් ආධාර යටතේ ඉදිවන ජාතික ලේ බැංකුව සහ කොළඹ ඩොක්යාඩ් ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය.


    ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති නොබොහිතෝ හෝබෝ මහතා ඇතුළු ජපන් රජයේ උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


    HC/med

    japan minister kihara meet minister besil

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya