අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදය කාලයේ පුත්තලම සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි

    මැයි 11, 2014

    අද (11) උදය කාලයේ දී පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වන අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවේ.  

    සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින අවට අනෙක් මුහුදු ප්‍රදේශද තාවකාලිකව රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya