ප්‍රථමයෙන් අමාත්‍යවරයා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මුර පෙළපාළිය පරීක්‍ෂා කර පසුව විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ප්‍රධාන ශ්‍රවණාගාරය වෙත කැඳවාගෙන යන ලදී.
විද්‍යාලයේ පාඨමාලා හදාරනු ලබන නිලධාරීන් හා කාර්යමණ්ඩලය ඇමතූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අප රටට මෙන්ම විදේශීය රටවලටද සුවිශාල සේවයක් කර ඇති බවත් දශක ගණනාවක් තිස්සේම මෙරට මෙන්ම පිටරටවලද යුද නාවික හා ගුවන් හමුදාවල නිලධාරීන් විසින් ද මෙහි පාඨමාලාවන් හදාරා ඒ තුළින් ලබාගත් දැනුම සිය වෘතීය ජීවිතයේදී ප්‍රායෝගික අත්දැකීම් බවට පත් කර ගනිමින් තමන්ගේ මෙන්ම රටේ ද විශාල ජයග්‍රහණයන් රැසක් අත් පත් කරගෙන ඇති බව ද ප්‍රකාශ කර සිටියේය.
අප රට දශක තුනක පමණ කාලයක් තිස්සේ ඉතා අවාසනාවන්ත යුද්ධයකට මැදිව සිටි බවත් ඒ තුළින් විනාශ වූ හා නැතිවුණ ජීවිත හා දේපොළවල මිල කියා නිමකල නොහැකි බවත් පැවසූ විජයවර්ධන මහතා එහිදී යුද හමුදා නිලධාරීන්ගේ ධෛර්යය, අධිෂ්ඨානය හා එඩිතරභාවය හේතුවෙන් එකී ව්‍යසනයෙන් අපට ගොඩඒමට හැකිවූ බවත් පැවසීය. ඒ සඳහා මෙම ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය මිල කල නොහැකි දායකත්වයක් සපයා ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙවැනි අධ්‍යාපන ආයතනයක් තුළින් ලබන නිවැරදි අධ්‍යාපනය තුළින් අපට ජීවිතයේ එන ඕනෑම අභියෝගයකට නොබියව මුහුණ දීමේ හැකියාවක් ලබාදෙන බව පැවසූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෑතකදී නේපාලයේ ඇති වූ ස්වාභාවික ව්‍යසනය අවස්ථාවේදී අප හමුදාවන් විසින් ඉතා කැපවීමෙන් යුතු ව සිදු කරන ලද සේවය ඇගයීමටද අමතක නොකළේය. අනාගතයේදී ද දේශීයව හා ජාත්‍යන්තරව මානුෂීය උපකාරයන් අවශ්‍ය අවස්ථාවන් හිදී අප හමුදාවල පූර්ණ දායකත්වය ලබාදීමට අප බලාපොරොත්තු වන බවත් ඒ සඳහා තවදුරටත් අප හමුදාවන් සඳහා ක්‍රමවත් නිවැරදි හා වඩා හොද අධ්‍යාපන හා පුහුණු පාඨමාලා මෙවන් ආයතන තුළින් ලබාදීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා විද්‍යාලයේ සේනාවිධායකවයා විසින් සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී. ඉන් අනතුරුව රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිස ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙම චාරිකාවේදී අමාත්‍යවරයා විසින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද සිදු කරන ලදී.
1998 මාර්තු 16 දින ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනකුගෙන් ආරම්භ කළ යුද හමුදා අණ සහ මාණ්ඩලික විද්‍යාලය 2002 වර්ෂයේදී ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 2004 වසරේ මැයි මස සිට ආරක්‍ෂක සේවා අණ හා මණ්ඩලික විද්‍යාලය බවට පත්විය.
ආරක්‍ෂක හමුදා නිලධාරීන්ගේ වෘත්තීය දැනුම වැඩිදියුණු කිරීම සඳහා යුද හමුදා විෂයන් සියල්ල එකම වහලක් යටතට කැටිකර ගනිමින් ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ 2007 ජනවාරි මස දී යුධ හමුදා නිලධාරීන් 36ක් නාවික නිලධාරීන් 8 දෙනකු හා ගුවන් හමුදා නිලධාරීන් 10 දෙනකුගෙන් සමන්විතව ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පළමු වන පාඨමාලාව ආරම්භ කරන ලද අතර මෙසේ බඳවා ගනු ලබන ශිෂ්‍ය නිලධාරීන් යුද, නාවික හා ගුවන් යන ප්‍රධාන අංශ 3ක් යටතේ සිය අධ්‍යාපන කටයුතුවල නිරතවුවද, යුද්ධයකදී මෙම අංශයන් ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් ඇති පොදු ක්‍රියාකාරකම්වලදී ඒකාබද්ධව කටයුතු කිරීම සිදුකරනු ලබයි.
NDH/mod