මැතිවරණ ක්‍රමය සංශෝධනයේ අවසන් කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා සඳහන් කළේය.
අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, පී. දිගම්බරම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් මෙම අනුකාරක සභාවට පත් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සමානුපාතික හා කේවල ක්‍රමය සහිත සුළු පක්ෂ නියෝජනය ද ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ලබා දෙන බව සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්.කේ.එම්.ඩී. දර්ශනී ගුණතිලක මහත්මිය ද එක්ව සිටියාය.
kpm