විල්පත්තු උතුරු අභය භූමියේ සිට කිලෝ මීටර් 1.6ක ප්‍රදේශයක කිසිදු අනවසර ඉදි කිරීමක් සිදු කර නොමැති බවත් යළි පදිංචි කිරීම් කඩිනමින් සිදු කළ බවත් මන්නාරම් දිස්ත්‍රික් ලේකම් එම්.වයි. එස්. දේශප්‍රිය මහතා පැවසීය.
ඊයේ (11) පරිසර අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
කාලයක් තිස්සේ ජනතාව ජීවත් නොවී සිටීම හේතුවෙන් එම ප්‍රදේශ කැලෑ ප්‍රදේශ බවට පත් වී තිබෙන පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා නැවත පදිංචි කිරීම් සඳහා වන රක්ෂිත යොදා නොගත් බව ද සඳහන් කළේය.
මීට අමතරව මෙම ප්‍රදේශවල අලි මිනිස් ගැටුම වෙනුවෙන් අලිමංකඩ 2ක් ඉදි කිරීමට කටයුතු කර තිබෙන අතර ඉදිරියේදී එම ප්‍රදේශ පුළුල් කිරීම සඳහා ජනාධිපතිතුමා වෙත ලබා දුන් වාර්තාවේ සඳහන් කර තිබෙන බව ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.