මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපි වෙනුවෙන් අපි" අරමුදලට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමෙන් මිලියන 4.5ක් Featured

    මැයි 10, 2014

    රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා රජය මඟින් ක්‍රියාත්මක වන "අපි වෙනුවෙන් අපි" අරමුදලට රුපියල් මිලියන 4.5ක මුදලක් ලබාදීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පියවර ගෙන ඇත.


    ඊට අදාළ චෙක්පත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ලුතිතන් කර්නල් (විශ්‍රාමික) ප්‍රසන්න වික්‍රමසුරිය මහතා විසින් ඊයේ (09) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලද්දේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදීය.


    මේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය හා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ පිරිසක්ද එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya