අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවත් රණවිරුවන් 50 දෙනෙකුට පොලී රහිත ණය Featured

    මැයි 09, 2014

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙතින් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ලබා දෙන පොලී රහිත නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දීම 20 වන වරටත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ දේශන ශාලාවේදී අද (09) සිදු කරන ලදී.


    රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකකයන්ගේ සභාපතිනියන්ගේ හා ත්‍රිවිධ හමුදා සුභසාධක අධ්‍යක්ෂක වරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම අවස්ථාවට තෝරාගත් රණවිරුවන් පි‍ළිවෙළින් යුද හමුදාව 29ක්, නාවික හමුදාවේ 13ක් හා ගුවන් හමුදාවේ 08 දෙනෙකු සදහා මුදල් වාරික 3කින් මෙම ණය මුදල ලබාදෙනු ලැබේ. එක් අයෙකුට මෙමගින් රු. 300,000ක මුදලක් ලබාදෙනු ලැබේ.


    මෙහිදී අදහස් ප්‍රකාශ කර සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී අතිරේක ලේකම් (පාලන) ඉන්දු රත්නායක මහත්මිය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් රණවිරුවන්ගේ සුභසාධනය සඳහා විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් දියත් කරනු ලැබ ඇති සියලුම ව්‍යාපෘතීන් සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඒ යටතේ මියගිය හා ආබාධිත රණවිරුවන් සදහා නිවාස ඉදිකිරීම, රණවිරු දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අර්ධ වශයෙන් ගොඩනැගුණු නිවාසයන්හී වැඩ නිමකිරිම, ත්‍රීරෝද රථ හා රණවිරු භාර්යාවන්ගේ ස්වයං රැකියා සඳහා ආධාර ලබා දීම සිදුකරනු ලබන බව පැවසුවාය.


    මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම් සඳහා විරුදන ගී සර හා සුභ පතන්නන්ගෙන් ලැබෙන මුදල් ආධාර ඉවහල් වන බවත් රජය විසින් ආරක්ෂක අරමුදලෙන් ලබාදෙන මෙම මුදල් නිවාස සෑදීමේ කටයුතු සඳහාම යොදවනු ඇතැයි අපේක්ෂිත බවත් මෙමගින් රණවිරුවන් තම පළාත තුළ අභිමානයෙන් හා තම ගෞරවය රැක ගනිමින් උසස් ජීවන තත්ත්වයක් ළඟාකරගනු ඇතැයි සේවා වනිතා ඒකකයේ අපේක්ෂාව බවද තවදුරටත් පැවසුවාය.


    mod

    housing loan to army

    housing loan to army 1

    housing loan to army 2

    housing loan to army 3

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya