අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටී.එන්.ඒ. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා නොවේ Featured

    මැයි 09, 2014

    ටී.එන්.ඒ. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා නොවන බැවින් රජයක් ලෙස වගකීමෙන් කටයුතු කිරීම අපට පැවරී ඇති බවත් පාර්ලිමේන්තු තේරීම් සභාවට ටී.එන්.ඒ. සහභාගි නොවීම පිළිබඳව අවධානයෙන් පසුවන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පස්වරුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති  කැබිනට් මාධ්‍ය හමුවේදීය.

     

    ආගමික හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශයේ අලුතින් පිහිටුවන ලද පොලිස් ඒකකය පිළිබඳ ව රාවණා බලයට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට ප්‍රශ්නයක් මතු වී ඇත්නම් ඒ පිළිබඳ ව එම ඒකකයේ ම පැමිණිල්ලක් කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    කැසිනෝ සඳහා අලුතින් කිසිදු හේතුවක් මත බලපත්‍ර නිකුත් නොකරන බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    AF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya