අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමැති තිස්ස කරල්ලියද්දට සුබ උපන් දිනයක් !

    මැයි 09, 2014
    ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ උපන් දිනය අදට  (10)යෙදී ඇත.
     
    1952 මැයි මස 10 වෙනි දින උපන්  තිස්ස කරල්ලියද්ද මහතා අනුරාධපුර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය,වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විද්‍යාලය සහ කොළඹ නාලන්දා යන විද්‍යාලයන්හි ආදි ශිෂ්‍යයෙකි.
     
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවව්චිය මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් 1994 වර්ෂයේ මහ මැතිවරණයෙන් ජයගත් තිස්ස කරල්ලියද්ද මහතා මේ වනවිට අපරාජිතව වසර 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
     
    ඒ මහතා මීට පෙර සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය,දේශීය වෛද්‍ය අමාත්‍ය,ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ ඉඩම් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත.
     
    මැදවච්චිය ආසනයේ ජනතාවගේ ආශිර්වාදයෙන් අපරාජිතව වසර 47ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දිවංගත රජරට නායක මෛත්‍රීපාල සේනානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ තිස්ස කරල්ලියද්ද මහතා දේශපාලනයට අවතීර්ණ වී තිබේ.
     
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya