අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව නිපද වූ ඖෂධ නික්ෂේපන යන්ත්‍ර රෝහල් වෙත Featured

    මැයි 09, 2014

    නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ඖෂධ නික්ෂේපන යන්ත්‍ර රෝහල් වෙත ප්‍රදානය කිරීම ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.


    තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර බෙදාදීමේ 3 වන අදියර ලෙස ක්‍රියාත්මක වූ මේ අවස්ථාවේදී කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල, මහනුවර, රාගම, හලාවත හා අම්පාර ප්‍රදේශ ආවරණය වන පරිදි මේ යන්ත්‍ර 250ක් රෝහල් වෙත බෙදා දෙනු ලැබීය.

    මීට සමගාමීව තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවන් 11 දෙනෙකු වෙත ද මේ යන්ත්‍ර බෙදා දීම සිදු කෙරිණි.

     

    ශ්‍රී ලංකා නාවික හමුදාව ඉතා අඩු පිරිවැයකින් උසස් ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කර ඇති මේ උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව දැනට ලංකාව තුළ භාවිත වන මෙවැනි යන්ත්‍ර අතරින් හොඳම යන්ත්‍ර බවට තහවුරු කර ඇත. මේ වැඩසටහනේ පළමු අදියර යටතේ යන්ත්‍ර 150ක් ද දෙවන අදියරේදී යන්ත්‍ර 200ක් ද රෝහල් වෙත ප්‍රදානය කරන ලද්දේ ජනපති ආර්යාව විසිනි.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, නාවික හමුදා වනිතා ඒකකයේ සභාපතිනී ශ්‍රීමා කොළඹගේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්ම මහත්මීහු මීට එක්ව සිටියහ. 

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya