අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර සහ වයඹ මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ

    මැයි 09, 2014

    අද (09) කන්කසන්තුරේ සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයින අවට අනෙක් මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින අවට අනෙක් මුහුදු ප්‍රදේශද තාවකාලිකව රළු විය හැක.


    දිවයින අවට මුහුදු ප්‍රදේශ (විශේෂයෙන් බටහිර සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල) තරමක් රළු වන අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


    HC
    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, මුහුදේ කාලගුණ තත්ත්වය, කාලගුණ අනාවැකිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya