නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින 100හි ප්‍රගතිය එළි දකී

    අප්‍රේල් 24, 2015

    දින 100හි වැඩසටහන යටතේ වැඩසටහන් 45ක් ක්‍රියාත්මක කර අවසන් කර තිබෙන අතර වැඩසටහන් 51ක් අවසන් අදියරේ පසුවන බව ජනාධිපති උපදේශක තිලක් රණවිරාජා මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකශ කළ අතර එහි වැඩසටහන් 7ක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද පැවසීය.

    සාමාන්‍ය ජනතාවට සහන සැලසීමේ දින 100 යටතේ වූ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බව ඒ මහතා පෙන්වා දුන් අතර එම සහනය ජනතාවට නොලැබෙන්නේ නම් පාරිභෝගික අධිකාරියට දැන්විය හැකි බව ද සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ පනත වැනි පනත් සම්මත කර ගනිමින් ජනතාවට ඉන් ලැබිය යුතු සහන ලබාදී තිබෙන බවයි.

    සරසවි මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 දක්වා වැඩි කර තිබෙන අතර දින 100ට ඇතුළත් නොකළ රුපියල් 2000 බැගින් ලබා දුන් ශිෂ්‍යාධාර මුදල රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

    රාජ්‍ය සේවකයින්ට සහන සැලසීම, සාමාන්‍ය ජනතාවට සහන සැලසීම, කෘෂි හා වැවිලි ආශ්‍රිත නිෂ්පාදකයින් සඳහා සහන සැලසීම, විදේශ රැකියා නියුක්තිකයන්ගේ ආරක්ෂණය, කාන්තා ළමා සහ තරුණ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, ධීවර සහ මත්ස්‍ය, කෘෂි, වාර්මාර්ග හා පාරිසර සංවර්ධනය, ඉඩම් හා නිවාස, ත්‍රිවිධ හමුදා සහ මාධ්‍ය නිදහස, ආගමික සහ සංස්කෘතික කටයුතු යනාදී සෑම ක්ෂේත්‍රයකම දින 100 තුළ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya