විශේෂයෙන් ම ඉන්දියානු සාගරය යොදා ගනිමින් ජාත්‍යන්තර ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ බෙදාහැරීම වළක්වා ගැනීම එහි එක් අරමුණක් වේ.
එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය නිවාරණ සහ අපරාධ යුක්ති මණ්ඩලය විසින් එහි 13 වැනි ඉහළ මට්ටමේ සම්මේලනය අප්‍රේල් 13 වැනි දින සිට 17 වැනි දින දක්වා කටාර්හි දෝහා නගරයෙහි පැවත් විණි.
ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් ඉන්දියානු සාගරයෙහි මධ්‍යයෙහි පිහිටා ඇති නිසා සහ ශ්‍රී ලංකාවේ නොබැඳුණු දේශපාලනික ප්‍රතිපත්තියත් අනෙකුත් රටවල් සමඟ ඇති මිත්‍රශීලී සම්බන්ධතාවත් මත එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙහි ගෝලීය සමුද්‍රික අපරාධ වැඩසටහනේ කටයුතු සඳහා පහසුකම් සැපයීමට ඉතා යෝග්‍ය වන පරිදි පිහිටා ඇත.
එබැවින් ඉදිරියේ දී අපගේ සුන්දර දිවයින එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙහි ගෝලීය සමුද්‍රික අපරාධ වැඩසටහනට පහසුකම් සැපයීමටත්, මෙවැනි වැඩසටහන් ඉදිරියේ දී පැවැත්වීම සඳහාත්, ඒ සමඟ ඉතා සුහද ව කටයුතු කිරීමටත්, සහයෝගය දැක්වීමටත් ඒ සඳහා ශ්‍රී ලංකාව සූදානම් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
kpm