අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වන විට තොරතුරු සාක්ෂරතාව 75%කින් ඉහළ නැංවීම ඉලක්කයයි Featured

    මැයි 08, 2014

    මේ වසරේ දෙසැම්බර් 31 වන විට මහින්දෝදය ද්විතීයක පාසල් 1,000 සඳහා පරිගණක පමණක් 64,000ක් ලබාදීමට නියමිත බවත් ඒ අනුව මෙම ව්‍යාපෘතිය 2014 වසරේ අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනිමින් තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා පළාත් හා කලාප වශයෙන් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ වැඩමුළුවකට එක්වෙමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    2016 වන විට තොරතුරු සාක්ෂරතාව 75%කින් ඉහළ නැංවීම, ඉහළ ඉලක්ක සපුරා ගැනීමක් වන බවත් ගම්වල දරුවන් අපේක්ෂා නොකළ ආකාරයේ සම්පත් ප්‍රමාණයක් ගමට ලබාදෙමින් ග්‍රාමීය මට්මේ අධ්‍යාපනය ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, තොරතුරු තාක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ නීල් ගුණදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    NDH/KPM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya