අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෝර්වේ තානාපතිනිය හා පශු සම්පත් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් Featured

    මැයි 08, 2014
    නොර්වේ තානාපතිනී ග්‍රිටි ලෝචන් (Grete Lochen)මහත්මිය සහ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතා සමඟ සාකච්ඡාවක් ඊයේ (08) පශු සම්පත් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
     
     
    මෙහිදී විශේෂයෙන් ම උඩරට කදුකරයේ වෙසෙන තේ වතු ආශ්‍රීත තම ජීවනෝපාය කර ගනිමින් ජීවත් වන වතු කම්කරුවන් හට තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.
     
    ලංකා කම්කරු කොංග්‍රසය මගින් හා සෞම්‍යමුර්ති තොන්ඩමාන් පදනම විසින් මේ වන විට වතු කම්කරුවන් වෙනුවෙන් සිදුකරනු ලබන සේවය පිළිබඳ මෙහිදී පැසසුමට ලක් කළ අතර, ඉදිරියේ දී කරන්නාවු නව වැඩපිළිවෙළ සඳහා නොර්වේ රජයෙන් උදව් උපකාර දෙන බවත් මෙහිදී තානාපතිවරිය පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස්  සභාපති ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් ,ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමාන්, මධ්‍යම පළාත් කෘෂීකර්ම අමාත්‍ය එම්. රාම්, ලංකා කම්කරු කොංග්‍රස් උප සභාපති කේ. මාරිමුත්තු, කම්කරු කොංග්‍රස් පරිපාලන නිලධාරි වී. ජීවානන්ද  යන මහත්වරු ඇතුළු පිරිසක්  සහභාගි වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya