අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්සල් සඳහා බෞද්ධ කොඩි වෙනුවට කහ පාට කොඩිය

    මැයි 08, 2014

    වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් පැවැත්වීමේදී බෞද්ධ කොඩිය වෙනුවට කහ පාට කොඩිය භාවිතයට ගැනීමට පියවර ගන්නා මෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.


    එමෙන් ම දන්සල් පැවැත්වීමේදී  සහ ඒ සඳහා ආධාර එකතු කිරීමේදී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරීන්ගේ දැනුවත් වීම මත කටයුතු කළ යුතු වේ.

     

    එමෙන් ම සැදැහැ සිතින් යුතුව සියලු ම ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත්, ඝෝෂාකාරී සංගීත වාදන හා භයානක දර්ශන සහිත මනස ව්‍යාකූල තත්ත්වයට පත්වන වැඩසටහන් නොපැවැත්වීමටද කටයුතු කරන මෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya